වෙනදා වගේම මෙතනදිත් අපි අරගත්තෙ පන්තියට ලියාපදිංචි වෙලා අඛණ්ඩව සහභාගී වූ දරුවන්ගෙ ප්‍රතිඵලම විතරයි. පන්ති ගැන විමසීමක් කල හෝ දිනක් දෙකක් හෝ කෙටි කලකට හෝ පන්ති ගාස්තු ගෙවා පැමිණි දරුවෙක්ගේ ප්‍රතිඵලවත්.. අත් හදාබැලීමකට හෝ ප්‍රශ්න පත්ත්‍රයක් ලිවීමට ලියාපදිංචි වූ දරුවෙකුගේ ප්‍රතිඵල‍යක්වත් කිසිදු තැනක අප සදහන් කර නැත. සියලු දේ ඉතා විනිවිදව සිදුවිය යුතු නිසාම අච්චරයි,මෙච්චරයි ලෙස කීමට අප කිසිම විටක ඉක්මන් හා කලබල නොවූනෙත්..මේ නිසාය.

Step – 01

පළමු අදියරේදි අපි කියන්නෙ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ස්ථාන හා අප පන්ති මෙහේයවන ප්‍රධාන දිස්ත්‍රික්ක තුනෙත් ඇතුළුව තවත් දිස්ත්‍රික්ක දෙකක ප්‍රථම ස්ථාන හිමිකරගත් දරුවන් ගැනයි.

ලංකාවේ ප්‍රමුඛතම ස්ථාන.
Island Ranks.🥇🥇🥇

දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන.
Distric Ranks.🥇🥇🥇

2023 කියන්නෙ ඔන්ලයින් හා භෞතික වශයෙන් විවිධ සුළි කුණාටු වලට දරුවන් සැරටම හසුවූ වසරක්.

නගරයට වගේම බොහෝ ගම් නියම් ගම් පුරාත් අති බිහිසුණු විදියට එකී කුණාටු හමා ගිය අවුරුද්දක දි තමයි අපේ පන්තිවල දරුවො මේ දැවැන්ත ප්‍රතිඵල ටික එයාලගෙ නමට අයිතිකරගත්තෙ.

මේ ප්‍රතිඵල වල සම්පූර්ණ අයිතිය තියෙන්නෙ මේ දරුවන්ට.ඔවුන්ගේ දෙමව්පියන්ටත්,පෙර පාසලේ සිට මේ තැනට මොවුන් ඔසවා තැබීමට ශක්තියක් වූ සියලුම පාසල් ගුරුවරුන්ටත් මෙහි ගෞරවය පළමුව හිමිවිය යුතුය.

දෙවන අදියරයෙන් නැවත හමුවෙමු.

Comments are closed